القسم السابع: الجهاد والشهادة والغنائم
හත්වන කොටස: ජිහාද්, ෂහාදා සහ යුධ සම්පත්
قال رسول الله ﷺ «ارْجِعْ إِلَى أَبَوَيْكَ فَاسْتَأْذِنْهُمَا، فَإِنْ أَذِنَا لَكَ فَجَاهِدْ، وإِلَّا فَبِرَّهُمَا».
අල්ලාහ්ගේ දූතයාණෝ ﷺ මෙසේ පැවසූහ: «ඔබගේ දෙමාපියන් වෙත ආපසු ගොස් ඔවුන්ගෙන් අවසර ඉල්ලන්න. ඔවුන් ඔබට අවසර දුනහොත්, ජිහාද් කරන්න. එසේ නොවේ නම්, ඔවුන්ට යහපත කරන්න.»
قال رسول الله ﷺ «الْمُجَاهِدُ مَنْ جَاهَدَ نَفْسَهُ فِي الله عَزَّ وَجَلَّ».
අල්ලාහ්ගේ දූතයාණෝ ﷺ මෙසේ පැවසූහ: «මුජාහිද්වරයා යනු අතිශය බලසම්පන්න හා මහිමාන්විත වූ අල්ලාහ් වෙනුවෙන් තම ආත්මය සමඟ සටන් කරන තැනැත්තාය.»
قال رسول الله ﷺ «سَتُفْتَحُ عَلَيْكُمْ أَرَضُونَ، وَيَكْفِيكُمُ اللهُ فَلَا يَعْجِزُ أَحَدُكُمْ أَنْ يَلْهُوَ بِأَسْهُمِهِ».
අල්ලාහ්ගේ දූතයාණෝ ﷺ මෙසේ පැවසූහ: «ඔබට බොහෝ භූමි ප්‍රදේශ විවෘත වනු ඇත. අල්ලාහ් ඔබට ප්‍රමාණවත් වනු ඇත. එබැවින් ඔබගෙන් කිසිවෙකුට තම ඊතල සමඟ විනෝද වීමට නොහැකි නොවනු ඇත.»
قال رسول الله ﷺ «عَلِّمُوا أَبْنَاءَكُمُ السِّبَاحَةَ والرِّمَايَةَ».
අල්ලාහ්ගේ දූතයාණෝ ﷺ මෙසේ පැවසූහ: «ඔබගේ දරුවන්ට පිහිනීම සහ දුනු ශිල්පය උගන්වන්න.»
قال رسول الله ﷺ «لَا يَجْتَمِعُ غُبَارٌ فِي سَبِيلِ اللَّهِ عَزَّ وَجَلَّ وَدُخَانُ جَهَنَّمَ فِي مَنْخِرَيْ مُسْلِمٍ أَبَدًا».
අල්ලාහ්ගේ දූතයාණෝ ﷺ මෙසේ පැවසූහ: «අතිශය බලසම්පන්න හා මහිමාන්විත වූ අල්ලාහ්ගේ මාර්ගයේ ඇති දූවිලි සහ ජහන්නම්හි දුම කිසිදු මුස්ලිම්වරයෙකුගේ නාස්පුඩු තුළ කිසිදා එක්රැස් නොවනු ඇත.»
قال رسول الله ﷺ «وَأَعِدُّوا لَهُم مَّا اسْتَطَعْتُم مِّن قُوَّةٍ، قَالَ: أَلَا إِنَّ الْقُوَّةَ الرَّمْيُ، أَلَا إِنَّ الْقُوَّةَ الرَّمْيُ، أَلَا إِنَّ الْقُوَّةَ الرَّمْيُ».
අල්ලාහ්ගේ දූතයාණෝ ﷺ මෙසේ පැවසූහ: «ඔවුන්ට එරෙහිව ඔබට හැකි තරම් ශක්තිය සූදානම් කර තබන්න.» උන්වහන්සේ පැවසූහ: «දැනගන්න, ශක්තිය යනු දුනු ශිල්පයයි! දැනගන්න, ශක්තිය යනු දුනු ශිල්පයයි! දැනගන්න, ශක්තිය යනු දුනු ශිල්පයයි!»
«نَهَى النَّبِيُّ ﷺ عَنْ قَتْلِ النِّسَاءِ وَالصَّبْيَانِ».
«නබිතුමා ﷺ කාන්තාවන් සහ ළමයින් ඝාතනය කිරීම තහනම් කළහ.»